පොඩ්ඩක් ලියන්න ඕන කියලා හිතුනා මේ දවස් වල අහන දකින දේවල් වලින්..
මොකද මිනිස්සු හරිම වෙනස් වෙලා කියලා තේරුනා තමන්ගෙ තිබ්බ හොඳ ගුණාංග යටපත් කරලා ආත්මාර්ථකාමී මිනිසෙක් ඉස්මතු වෙලා කියලා...
පොඩ්ඩක් ලියන්න ඕන කියලා හිතුනා මේ දවස් වල අහන දකින දේවල් වලින්..
මේ දවස් වල මගේ අතින් නිතරම උගත්කමට වඩා මනුස්සකම වටිනවා කියන එක කියවුනා...
ඒ මොකද මං දකිනවා උගත් මිනිහාට වඩා නූගත් මිනිහා දෙයක් ගැන ඊට වඩා සාර්ථකව ප්‍රශ්නෙකදි මුහුණ දෙනවා කියලා..ඒ උගත් කෙනා මුහුණ දෙන්නේ පොතේ දැනුමත් එක්ක අත්දැකීම් වලින් අඩුපාඩු සහිතව උනත් නූගත් මිනිහා සමාජයේ ගැටිලා හැප්පිලා ලබා ගන්න පාඩම ඒකට වඩා ප්‍රබලයි..
ආදරයෙන් ලියා තබමි
ලියන්නට හිතන් ඉන්න මුත් අදහස් ගොනු කරගත නොහැකිව ලත වෙමි මං
Wednesday, February 19, 2014
Friday, January 3, 2014
හිත මිතුරු සුලඟ
ඔන්න මං අද ලියන්න ඕනම මිනිස්සු කතා කරන්න බයම මාතෘකාවක් ගැනයි ලියන්න යන්නේ..
හොඳ කෙනෙක් තියා ගන්නත්,නොගැලපෙන කෙනෙක් ඈත් කරන්නත් අපි බය වෙන්න හොඳ නැහැ..මොකද "ආලෝකය නැති තැන සෙවනැල්ල පවා අපව අත් හැර යන නිසා" .
අපිට ජීවිතේ එක් එක් කාල වලදි එක් එක් ආකාරයේ මිනිස්සු මුණ ගැහෙන අතරම ඒ ඒ මිනිස්සු එක් එක් ප්‍රමාණ වලින් අපේ ජීවිත වලට ලං වෙනවා.අපි හිතන්නෙවත් නැති මිනිස්සු මේ අතරෙදි අපේ ජීවිත වලින් වැඩි ඉඩ කඩක් වෙන් කරගන්න අතරේ,අපේ හිතින් අපි මිනුම් කරන් හොඳයි කියලා ඉන්න මිනිස්සු අපිට කරන්න පුලුවන් උපරිම කැත වැඩ කරලා ඈත් වෙනවා..
මට නම් ජීවිතේ එක් එක් කාල වලදි විවිධාකාරයේ මිනිස්සු මුණ ගැහුණ නිසා මිනිස්සු මොන වගේද කියන එක නම් තේරුම් ගන්න වැඩි අමාරුවක් නැහැ.
මේ අතරෙ මට මෙහෙමත් ප්‍රශ්නයක් පැන නඟිනවා..
ගෑණු ළමයෙකුටයි,පිරිමි ළමයෙකුටයි හොඳම යාලුවෝ වෙන්න බැරිද කියන එක...මම නම් ඕකට දෙන උත්තරය "පුළුවන්" කියන එකයි..නමුත් මේ සමාජය ඒ සබඳතාවය දකින්නෙ වෙන විදියකටයි..ඒ දැක්මත් එක්ක ඒ දෙන්නා පත් වෙන අපහසුතාවයත් එක්ක මේ යාලුකම දුර යන්නේ අඩුවෙන්.
තව දුරටත් මේ යාලුකම් ගැන කියනවා නම් නැංගුරමක් වගේ විසි කරන්නයි ආපහු ගන්නයි නම් මේ යාලුකම් තියාගෙන් වැඩක් නැහැ..ඊටත් අනිත් මිනිහාගේ දුක,සතුට,වේදනාව,කඳුල වගේ පෙනෙන නොපෙනෙන හැඟීම් වටහා ගන්න බැරි මිනිස්සුන්ට හොඳ යාලුවො වෙන්නත් බෑ..තමන්ගේ වැඩේ කරගන්න යාලු කමකුයි,වැඩේ ඉවර උනාට පස්සේ මූණවත් බලන්නේ නැති යාලුකමකුයි තියෙන මිනිස්සුත් නැතුවාම නොවෙයි..
තව ලියන්න නම් කරුණු අපමණයි..ඒත් තව කී දෙනෙක් මේ ටික කියවලා තරහ වෙයි ද දන්නේ නැහැ..ඒ නිසා ඔය මදෑ..
.........මිතුරු තොමෝ දුක සැප දෙකෙහිම පවතී..........
..........බිතු සිතුවම් රූ මෙන් පිටු නොපා යතී..........

Thursday, January 2, 2014
ඇරඹුම..2014.01.01
මේ අවුරුද්දට සුභ පතපු ,කතා කරපු ,හැමෝටම සුභ පතනවා..ඒ වගේම ගිය අවුරුද්ද දේවල් ලබාගත්ත වසරක් වගේම කෙනෙක්ගෙ ජීවිතයෙන් නැතිවෙන්න පුලුවන් වටිනම දේවල් නැති උන වසරක් වුනා .
අපේ ඔෆිසියෙන් පවත්වපු Secret Santa එකෙන් මට ලැබුනේ Teddy Bear කෙනෙක්..
එයාගේ ෆොටෝ එකක් පස්සෙ දාන්නම්..
එයාගේ ෆොටෝ එකක් පස්සෙ දාන්නම්..
පස්සෙ දාන ඕක අමතක වෙන හන්දා ඔන්න දැන්ම දැම්මා..හොඳයි නේද???

සමහරු නම් හද පිරි සතුටින් තෑග්ග දුන්න අතරේ තවත් සමහරු නිකම්ම ගාන බේරන්න වැඩේ කරලා තිබුනා..
මේ අතරේ මේවට අකමැත්තෙන් හිටපු අයත් හිටියා..
ඔය කොහොම උනත් මට නම් ඔය හැමෝටම කියන්න තියෙන්නෙ අපිට වෙන්නෙ නිතරම අපි හිතන පතන දේවල් නොවෙන නිසා පුලුවන් තරමින් අනිත් මිනිස්සු එක්ක සුහදව සතුටෙන් හිනා වෙලා ජීවත් වෙන්න..අනිත් මනුස්සයගේ දුකේදි පුලුවන් තරමින් උදව් කරන්න..
මොකද කවදක හරි අපි මොන දේ කලත් අන්තිමේ ඉතුරු වෙන්නේ කරපු ඒ වගේ දෙයක මතකය විතරයි..
මිනිස්සු මිනිස්සුන්ට උදව් කරගෙන ජීවත් වෙන සුන්දර අවුරුද්දක් වේවා...
මොකද කවදක හරි අපි මොන දේ කලත් අන්තිමේ ඉතුරු වෙන්නේ කරපු ඒ වගේ දෙයක මතකය විතරයි..
මිනිස්සු මිනිස්සුන්ට උදව් කරගෙන ජීවත් වෙන සුන්දර අවුරුද්දක් වේවා...
Sunday, April 21, 2013
කදුලු බිංදුව: නැවතත් එන්න ඕන කියලා හිතුනා
කදුලු බිංදුව: නැවතත් එන්න ඕන කියලා හිතුනා: ලියන්න දේවල් කොයි තරම් නම් තියෙන්වද මනුස්සයෙක්ගෙ ජීවිතයෙ කියලා අද දවසෙදි හිතුනා..ඒත් එන අභියෝගත් එක්ක මිනිස්සුන්ට මේවට කොහෙන්ද වෙලාව කියලත් ...
නැවතත් එන්න ඕන කියලා හිතුනා
ලියන්න දේවල් කොයි තරම් නම් තියෙන්වද මනුස්සයෙක්ගෙ ජීවිතයෙ කියලා අද දවසෙදි හිතුනා..ඒත් එන අභියෝගත් එක්ක මිනිස්සුන්ට මේවට කොහෙන්ද වෙලාව කියලත් හිතෙනවා...කවදාක හරි කාට හරි ඒ එන මොකක් හෝ අභියෝගයකට මුහුන දෙන්න වෙනවා,,ඒක තමයි ජීවිතේ හැටි...අද විභාගයක්..හෙට සම්මුඛ පරීක්ෂණයක්..වෙන දවසක තවත් අභියෝගයක්...එහෙමයි ජීවිතේ..රස්සාවට ඇවිත් අපි නම් කරන්නේ දවසම search and Development..ඒ උනත් ඒකට අකමැත්තෙන් හිතේ කදුලු පුරවන් කතා බහ නැතුව කොයි තරම් දවස් ගෙවලා තියෙනවද..නමුත් මම නම් දැන් හිතන්නෙ එන ඕනම දෙයක් සතුටින් බාර ගන්නවා කියලයි.. නැත්නම් ඇගේ තියෙන ලේ ටිකත් නිස්කාරනේ පිච්චෙන එකයි වෙන්නේ..
Friday, June 29, 2012
පට්ටාන් ගත්තා........
ඔන්න ඉතින් මාත් පට්ටාන් ගත්තා....හරි යාවිද වරදීවිද නම් දන්නෙ නැහැ,,,,ටික ටික කෑලි ඇඩ් කරන්නම්,...ගැජට් ගොඩාක් තියෙනවා මට දාන්න මේක හැඩ වැඩ කරගන්න...තවම පර්යේශන අවදියේ නිසා හෙමින් හෙමින් කරගෙන යන්නම්කෝ
Subscribe to:
Posts (Atom)

.jpg)