මේ අවුරුද්දට සුභ පතපු ,කතා කරපු ,හැමෝටම සුභ පතනවා..ඒ වගේම ගිය අවුරුද්ද දේවල් ලබාගත්ත වසරක් වගේම කෙනෙක්ගෙ ජීවිතයෙන් නැතිවෙන්න පුලුවන් වටිනම දේවල් නැති උන වසරක් වුනා .
අපේ ඔෆිසියෙන් පවත්වපු Secret Santa එකෙන් මට ලැබුනේ Teddy Bear කෙනෙක්..
එයාගේ ෆොටෝ එකක් පස්සෙ දාන්නම්..
එයාගේ ෆොටෝ එකක් පස්සෙ දාන්නම්..
පස්සෙ දාන ඕක අමතක වෙන හන්දා ඔන්න දැන්ම දැම්මා..හොඳයි නේද???

සමහරු නම් හද පිරි සතුටින් තෑග්ග දුන්න අතරේ තවත් සමහරු නිකම්ම ගාන බේරන්න වැඩේ කරලා තිබුනා..
මේ අතරේ මේවට අකමැත්තෙන් හිටපු අයත් හිටියා..
ඔය කොහොම උනත් මට නම් ඔය හැමෝටම කියන්න තියෙන්නෙ අපිට වෙන්නෙ නිතරම අපි හිතන පතන දේවල් නොවෙන නිසා පුලුවන් තරමින් අනිත් මිනිස්සු එක්ක සුහදව සතුටෙන් හිනා වෙලා ජීවත් වෙන්න..අනිත් මනුස්සයගේ දුකේදි පුලුවන් තරමින් උදව් කරන්න..
මොකද කවදක හරි අපි මොන දේ කලත් අන්තිමේ ඉතුරු වෙන්නේ කරපු ඒ වගේ දෙයක මතකය විතරයි..
මිනිස්සු මිනිස්සුන්ට උදව් කරගෙන ජීවත් වෙන සුන්දර අවුරුද්දක් වේවා...
මොකද කවදක හරි අපි මොන දේ කලත් අන්තිමේ ඉතුරු වෙන්නේ කරපු ඒ වගේ දෙයක මතකය විතරයි..
මිනිස්සු මිනිස්සුන්ට උදව් කරගෙන ජීවත් වෙන සුන්දර අවුරුද්දක් වේවා...

No comments:
Post a Comment