Friday, January 3, 2014

හිත මිතුරු සුලඟ

ඔන්න මං අද ලියන්න ඕනම මිනිස්සු කතා කරන්න බයම මාතෘකාවක් ගැනයි ලියන්න යන්නේ..


හොඳ කෙනෙක් තියා ගන්නත්,නොගැලපෙන කෙනෙක් ඈත් කරන්නත් අපි බය වෙන්න හොඳ නැහැ..මොකද "ආලෝකය නැති තැන සෙවනැල්ල පවා අපව අත් හැර යන නිසා" .
අපිට ජීවිතේ එක් එක් කාල වලදි එක් එක් ආකාරයේ මිනිස්සු මුණ ගැහෙන අතරම ඒ ඒ මිනිස්සු එක් එක් ප්‍රමාණ වලින් අපේ ජීවිත වලට ලං වෙනවා.අපි හිතන්නෙවත් නැති මිනිස්සු මේ අතරෙදි අපේ ජීවිත වලින් වැඩි ඉඩ කඩක් වෙන් කරගන්න අතරේ,අපේ හිතින් අපි මිනුම් කරන් හොඳයි කියලා ඉන්න මිනිස්සු අපිට කරන්න පුලුවන් උපරිම කැත වැඩ කරලා ඈත් වෙනවා..
මට නම් ජීවිතේ එක් එක් කාල වලදි විවිධාකාරයේ මිනිස්සු මුණ ගැහුණ නිසා මිනිස්සු මොන වගේද කියන එක නම් තේරුම් ගන්න වැඩි අමාරුවක් නැහැ.

මේ අතරෙ මට මෙහෙමත් ප්‍රශ්නයක් පැන නඟිනවා..
ගෑණු ළමයෙකුටයි,පිරිමි ළමයෙකුටයි හොඳම යාලුවෝ වෙන්න බැරිද කියන එක...මම නම් ඕකට දෙන උත්තරය "පුළුවන්" කියන එකයි..නමුත් මේ සමාජය ඒ සබඳතාවය දකින්නෙ වෙන විදියකටයි..ඒ දැක්මත් එක්ක ඒ දෙන්නා පත් වෙන අපහසුතාවයත් එක්ක මේ යාලුකම දුර යන්නේ අඩුවෙන්.

තව දුරටත් මේ යාලුකම් ගැන කියනවා නම් නැංගුරමක් වගේ විසි කරන්නයි ආපහු ගන්නයි නම් මේ යාලුකම් තියාගෙන් වැඩක් නැහැ..ඊටත් අනිත් මිනිහාගේ දුක,සතුට,වේදනාව,කඳුල වගේ පෙනෙන නොපෙනෙන හැඟීම් වටහා ගන්න බැරි මිනිස්සුන්ට හොඳ යාලුවො වෙන්නත් බෑ..තමන්ගේ වැඩේ කරගන්න යාලු කමකුයි,වැඩේ ඉවර උනාට පස්සේ මූණවත් බලන්නේ නැති යාලුකමකුයි තියෙන මිනිස්සුත් නැතුවාම නොවෙයි..
තව ලියන්න නම් කරුණු අපමණයි..ඒත් තව කී දෙනෙක් මේ ටික කියවලා තරහ වෙයි ද දන්නේ නැහැ..ඒ නිසා ඔය මදෑ..
.........මිතුරු තොමෝ දුක සැප දෙකෙහිම පවතී..........
..........බිතු සිතුවම් රූ මෙන් පිටු නොපා යතී..........

No comments:

Post a Comment