Wednesday, February 19, 2014

මිනිස්සුනේ අපි මිනිස්සුනේ

පොඩ්ඩක් ලියන්න ඕන කියලා හිතුනා මේ දවස් වල අහන දකින දේවල් වලින්..
මොකද මිනිස්සු හරිම වෙනස් වෙලා කියලා තේරුනා තමන්ගෙ තිබ්බ හොඳ ගුණාංග යටපත් කරලා ආත්මාර්ථකාමී මිනිසෙක් ඉස්මතු වෙලා කියලා...
පොඩ්ඩක් ලියන්න ඕන කියලා හිතුනා මේ දවස් වල අහන දකින දේවල් වලින්..

මේ දවස් වල මගේ අතින් නිතරම උගත්කමට වඩා මනුස්සකම වටිනවා කියන එක කියවුනා...
ඒ මොකද මං දකිනවා උගත් මිනිහාට වඩා නූගත් මිනිහා දෙයක් ගැන ඊට වඩා සාර්ථකව ප්‍රශ්නෙකදි මුහුණ දෙනවා කියලා..ඒ උගත් කෙනා මුහුණ දෙන්නේ පොතේ දැනුමත් එක්ක අත්දැකීම් වලින් අඩුපාඩු සහිතව උනත් නූගත් මිනිහා සමාජයේ ගැටිලා හැප්පිලා ලබා ගන්න පාඩම ඒකට වඩා ප්‍රබලයි..